Lanka Focus News

තැන තැන සිදුවන මනුෂ්‍ය ඝාතන

තැන තැන සිදුවන මනුෂ්‍ය ඝාතන

කඩුගන්නාව, රත්මිවල, මැණික්දිවෙල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් ඇන කාන්තාවක් ඝාතනය කර තිබේ.

ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගත් පුද්ගලයෙකු විසින් ඊයේ (02) සවස් කාලයේදී එම ඝාතනය සිදුකර ඇත.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 26 හැවිරිදි රත්මිවල, මැණික්දිවෙල ප්‍රදේශයේදී පදිංචිකාරියකි.

ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර කඩුගන්නාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර කුලියාපිටිය, අක්කර 40, පිටදෙනිය ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇත.

එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, 24 හැවිරිදි පිටදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු උපන්දින සාදයක් සඳහා සහභාගිවීමට මිතුරෙකුගේ නිවසට ගොස් සිටියදී, එම මිතුරාගේ බිරිඳ සමඟ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මිතුරා විසින් එම නිවසේ සිටි තවත් දෙදෙනෙකු සමඟ මරණකරුට පොලුවලින් පහර දී තිබේ.

පසුව මන්නා පිහියකින් කොටා සැකකරුගේ නිවස ඉදිරිපිට කනුවක ගැට ගසා පහර දී ඇති අතර, තුවාලකරු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇත.

එම ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකුගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

administrator

Related Articles