Lanka Focus News

තායිවානයේ ඉහළ පෙළේ නිලධාරියෙක්ගේ මරණය ගැන සැකයක්

තායිවානයේ ඉහළ පෙළේ නිලධාරියෙක්ගේ මරණය ගැන සැකයක්




තායිවානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ ඉහළ පෙළේ නිලධාරියෙකු හෝටල් කාමරයක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටියදී සොයාගත් බව එරට ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඔහු තායිවාන
මිසයිල වැඩිදියුණු කිරීමේ වැඩසටහනේ නිරත ඉහළ නිලධාරියෙකු ද වන බවය.

යම් කටයුත්තක් සඳහා දකුණු දිග තායිවානයේ නගරයක් වෙත පැමිණ හෝටල් කාමරයක රැදී සිටියදී ඔහු එම සිද්ධියට මුහුණදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර ඇතැම් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහු හෘදයාබාධයකින් මියගොස් ඇති බවය.

කෙසේවෙතත් ඔහුගේ මරණයට හේතුව සොයා විමර්ශන ක්‍රියාත්මක බව තායිවානය පවසයි.




administrator

Related Articles