Lanka Focus News

තව සතියක් දෙකක් බලමු – මෛත්‍රී

තව සතියක් දෙකක් බලමු – මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඊයේ (26) සිය පක්ෂ මුලස්ථානයෙදී සාකච්ඡාවක් කැඳවා තිබුණි.

පසුගියදා ඇමති ධුර භාරගත් නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් එම සාකච්ඡාවට පැමිණ තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ ඇමති ධුර භාරගත් ශ්‍රීලනිප සාමාජිකයින් ගැන පියවරක් ගැනීමට තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බවය.

“තාම නෑ ඒ ගැන තීරණයක් අරගෙන.. තව සතියක් දෙකක් බලමු. තව යනවද දන්නෑ නේ,” යනුවෙන් ද මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

කෙසේවෙතත් මෙම රැස්වීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට අදහස් නොදක්වාම වේගයෙන් පිටව යන අයුරු දක්නට ලැබුණි.

මේ අතර ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලිය පිළිබඳව ආණ්ඩුවෙන් ස්වාධීන වු පක්ෂ 09 යේ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (26) අරලියගහ මන්දිරයෙදී පැවැත්වුණි.

හෙට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සකාච්ඡාවක්ද පැවැත්වීමට නියමිතය.

මේ අතර විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සඳහා රජය ඉදිරිපත් කළ 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ තීරණය කර තිබේ.

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කෙරෙන 21 වැනි සංශෝධනය අධිකරණ, බන්ධනාගාර, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පසුගිය 24 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

පසුව එය දේශපාලන පක්ෂ නායකයන් වෙත යොමු කිරීමට පියවර ගැනුණි.

administrator

Related Articles