Lanka Focus News

තවත් 23කට සුවයි

තවත් 23කට සුවයි

අද (07) උදෑසන 7.08 වන විට කොරෝනා ආසාදිතයින් 23දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අයි.ඩී.එච්, වැලිකන්ද, මුල්ලේරියාව, කාත්තන්කුඩි යන රෝහල් වල සහ කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පිරිසක් මෙලෙස පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින්ගෙන් 2564 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇත.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත රෝගීන් 264 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බවය වසංගත රෝග විද්‍යාඅංශය සදහන් කළේය.

administrator

    Related Articles

    Close
    shares