දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තය අසල මුහුදු තීරයේ තිබී නාඳුනන මළ සිරුරක් හමුවී ඇත.
වත්තල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත සිරුර සොයාගත් බව පොලීසිය පවසයි.
මියගිය පුද්ගලයා අවුරුදු 35ත් 40ත් අතර වයසේ පසුවන අඩි 05යි අගල් 08ක් පමණ උසැති පුද්ගලයෙකු බව වාර්තා වේ.