Lanka Focus News

තලෙබාන් පාලනය යටතේ අපරාධ වැඩිවෙන බවට චෝදනා

තලෙබාන් පාලනය යටතේ අපරාධ වැඩිවෙන බවට චෝදනා

තලෙබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්තානය තුළ තවදුරටත් අපරාධ සිදුවීම අඛණ්ඩව වාර්තා වෙන බව විදෙස් මාධ්‍ය කියයි.

සිව්දෙනෙකුගෙන් යුත් පුද්ගල කණ්ඩායමක් විසින් ඇෆ්ගනිස්තානය තුළ පුද්ගලයෙකු පණපිටින් පුළුස්සා ඝාතනය කර ඇතැයි කියන සිද්ධියත් සමග මෙලෙස ඇෆ්ගනිස්තානය වෙත විදෙස් මාධ්‍යයේ වැඩි අවධානයක් යොමුවී තිබේ.

කෙසේවෙතත් තලෙබාන් සංවිධානය පවසා ඇත්තේ මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ අනුව සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව තලෙබාන් සංවිධානය පවසා ඇත.

administrator

Related Articles