Lanka Focus News

තරුණ හඬට ඉඩක් දෙන්න ඕනේ – රනිල්

තරුණ හඬට ඉඩක් දෙන්න ඕනේ – රනිල්

එක්සත් ජාතික පක්ෂය අත්හැර දමා ගිය කිසිදු පුද්ගලයකුට නැවත පක්ෂය සමග එක්විය නොහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ පසුගිය (26) අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ය.

එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික්ක අපේක්ෂක අමල් පුස්වැල්ල මහතා විසින් මෙම ජනහමුව සංවිධාන කර තිබේ.

එහිදී රැස්ව සිටි පිරිස අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ගෙදර ආර්ථිකය ශක්තිමත් කළ හැකි සැලැස්ම ඇත්තේ එක්සත් ජාතික පක්ෂයට බවය.

“තරුණ හඬට ඉඩක් දෙන්න ඕනේ. කොරෝනා වලින් පස්සේ ලෝ‍කේ තියෙන ක්‍රමවේද වෙනස් වෙයි එතනින් අපි ගොඩ එන්න ඕනේ. තමන්ගේ අනාගතය හදන්න ඕනේ එතනින්. ඊට එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් වුණා. ලංකාවේ තියෙන්නේ එක එක්සත් ජාතික පක්ෂයයි,” යනුවෙන් ද ඔහු පැවසීය.

administrator

Related Articles