Lanka Focus News

තනිව ජීවත්වූ කෝටිපති කාන්තාවක් ඝාතනය කරයි

තනිව ජීවත්වූ කෝටිපති කාන්තාවක් ඝාතනය කරයි




මහනුවර වැව රවුමේ සුවිසල් නිවසක තනිව ජීවත්වූ 65 හැවිරිදී කෝටිපති කාන්තාවක ගෙල කපා ඝාතනය කොට ඇති බවමහනුවර මූලස්ථාන පොලීසිය කියයි .

අද (14) දහවල් 02ට පමණමෙම ඝාතනය සිදුවී ඇති බව පවසන පොලිසිය එසේ ඝාතනය වී ඇත්තේ කමනී රණසිංහ (65)නමැති කාන්තාවක බවද පොලිසිය කියයි .

එම කාන්තාව රජයේ විධායක ශ්‍රේණියේ රැකියාවක් කොට ඉන් විශ්‍රාම ලබා ජීවත් වූ සුවිසල් නිවස අසල කඩ සාප්පු විශාල ප්‍රමාණයක් කුලියට දී නිවසේ තනිව ජීවත් වී ඇති බව පොලිසිය සඳහන් කරයි . කාන්තාවගේ සැමියා මීට පෙර මියගොස් ඇති අතර ඔවුන්ගේ දරුවන් දෙදෙනෙකු ඕස්ට්‍රේලියාවේ ජීවත් වන බවද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ .

නම සඳහන් කිරීමට අකමැති සිද්ධිය ඇසින් දුටුවෙකු පවසා සිටියේ ඊයේ (14) දහවල් 2 ට පමණකාන්තාව ජීවත් වූ නිවස තුළින් කළු අඩි පහක් පහක් පමණ උසැති පුද්ගලයකු පිහියක්ද අතැතිව එළියට එන බව දුටු බවත් ඔහුගේ අතක් ද කැපී ලේ ගලමින් තිබූ බවයි.

පිහියක් දික් කරමින් එම පුද්ගලයා තමන්ට දතර්ජනය කළ බැවින් ඔහු අසලට නොගිය බව පැවසූ එම ප්‍රකාශකයා පසුව නිවස තුලට ගොස් බලන විට මියගිය කාන්තාව බිම වැටී දඟලමින් සිටි බවද පැවසිය . ඉන් මද වේලාවකට පසු ඇය මියගිය බැවින් එය රෝහල්ගත කිරීමට පියවර නොගත් බව පැවසූ ඔහු ඒ පිළිබඳව පොලිසියට දැනුම් දීමට කටයුතු කළ බවද පැවසීය .

දේපොළ ප්‍රශ්නයක් මත මෙම ඝාතනය සිදුවී ඇති බවට සැක කරන පොලීසිය අදියර කිහිපයක් ඔස්සේ වැඩිදුර පොලිස් විමර්ශනයක් සිදු කෙරේ.




administrator

Related Articles