Lanka Focus News

ණය ඉල්ලුවොත් දෙන්නම් – රුසියානු  තානාපති විමල්ට කියයි

ණය ඉල්ලුවොත් දෙන්නම් – රුසියානු  තානාපති විමල්ට කියයි

රුසියාව විසින් ආරක්ෂක අමාත්‍යාංශයට ලබාදී තිබූ ණය ආධාරයේ අඩකට වැඩි කොටසක් තවදුරටත් ඉතිරිව ඇති බවට රුසියානු  තානාපතිවරයා කියා සිටි බව විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසයි.

ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉල්ලීමක් සිදුකරන්නේ නම් පවතින තත්ත්වය සඳහා එම ණය ආධාර ලබා ගැනීමට පිළිබඳව සලකා බැලීමට හැකියාව පවතින බව තානාපතිවරයා ප්‍රකාශ කළ බව මන්ත්‍රිවරයා සඳහන් කළේය.

ස්වාධීන වූ පක්ෂ 11 නායකයින් ඊයේ (21) රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කළ අතර ඉන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

“දැනටමත් ක්‍රෙඩිට් ලයින් එකක් තියෙනවා. රුසියාවෙන් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන ආරක්ෂක උපකරණ මිලදී ගැනීම සඳහා. ඒක අපි සම්පූර්ණයෙන් පාවිච්චි කරලා නැහැ. ඒකේ අඩකට වැඩි ප්‍රමාණයක් ඉතුරුවෙලා තියෙනවා. ඒ ගමන අපි තානාපතිතුමාගෙන් ඇහුවා දැන් වහාම බැරිද අපිට අඩුම තරමේ ඒ ඉතුරුවෙලා තිබෙන මුදල දැන් මේ තිබෙන අවශ්‍යතා වෙනුවෙන් යොදවාගන්න. තානාපතිතුමා ඉතා පැහැදිලිව කියා සිටියා ඒ ඉල්ලීම එන්න ඕනේ ඔබේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්ගෙන්. ඒ ඉල්ලීම ඔබේ පාර්ශවයේ ඉල්ලීම කළොත් ඒ අයගේ පාර්ශවය ඒ කියන්නේ රුසියාවේ පාර්ෂවය ඒ හොඳින් සලකා බලයි. එතකොට දැන් මුලින්ම කරන්න තියෙන්නේ මේ පරණ ආරක්ෂක ගිවිසුමත් සමග ආපු ක්‍රෙඩිට් ලයින් එකේ ඉතුරු මුදල වහාම ඉල්ලුම් කරන්න රුසියානු බලධාරීන්ගෙන් ලිඛිතව. දැන් අපිට ආරක්ෂක මෙවලම් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතුරු මුදල මෙන්න මේ මානූෂිය අවශ්‍යතා වෙනුවෙන් ලබාදෙන්න කියලා. ඒක අපිට ඉක්මනින් කරගන්න පුළුවන් දේ.”

administrator

Related Articles