මෙරට ප්රමුඛ පෙළේ බලපත්රලාභී වාණිජ බැංකු කිහිපයක අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද රුපියල් 365ක් ලෙස දක්වා තිබේ.
කෙසේ වෙතත් ඊයේ දිනයේ ශ්රී ලංකා මහ බැංකුව ඩොලරයක විකුණුම් මිල ලෙස සටහන් කර තිබුණේ රුපියල් 377.49ක් ලෙසටය.
එසේම මෙරට ප්රමුඛ පෙළේ වාණිජ බැංකුවල ඊයේ දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 380කට ආසන්න අගයකින් ගණුදෙනු සිදුවීම විශේෂත්වයකි.
අද දිනයේ මේ දක්වා යාවත්කාලීන කර ඇති තොරතුරුවලට අනුව බැංකු කිහිපයක් ඩොලරයේ විකුණුම් මිල සටහන් කර තිබුණේ පහත අයුරිනි.
මහජන බැංකුව – රු. 364.96
සම්පත් බැංකුව – රු. 365.00
කොමර්ෂල් බැංකුව – රු. 365.00
DFCC – රු. 360.00
NDB – රු. 365.00