ශ්රී ලංකා මහ බැංකුව විසින් ප්රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රු. 350.49 ක් ලෙස සටහන් වී ඇත.
ඩොලරයක ගැනුම් මිල රු. 337.82 ක් වශයෙන් දක්වා ඇත.
මේ අතර, මෙරට බලපත්රලාභී වානිජ බැංකු කිහිපයක් අද දිනයේ ඩොලරයේ විකුණුම් මිල දක්වා තිබුණේ මෙසේය.
ලංකා බැංකුව – රු. 353.00
මහජන බැංකුව – රු. 352.99
සම්පත් බැංකුව – රු. 355.00
සෙලාන් බැංකුව – රු. 355.00
කොමර්ෂල් බැංකුව – රු. 355.00
DFCC – රු. 340.00
HNB – රු. 353.00
NDB – රු. 360.00
අමානා බැංකුව – රු. 355.00