Lanka Focus News

ඩොනල්ඩ් ට්‍රම්ප් බයිඩන් ගේ කකුළෙන් අදී

ඩොනල්ඩ් ට්‍රම්ප් බයිඩන් ගේ කකුළෙන් අදී

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තම පාලනයක් ඇතිවීමට දිගින් දිගටම බාධා කළහොත් කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් එරට පුද්ගලයින් විශාල පිරිසක් තවදුරටත් මියයා හැකි බව අමෙරිකානු ජනාධිපතිවරණය ජයගත් ජෝ බයිඩන් පවසයි.

කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පාලනය කිරිම සඳහා නිසි සම්බන්ධීකරණයක් අවශ්‍ය බව බයිඩන් පැවසීය.

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ජයගෙන තිබුණ ද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දක්වා සිය පරාජය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ට්‍රම්ප් පාලනයේ මෙම ප්‍රතිපත්තිය හේතුවෙන් එරට කොවිඩ් පාලනයට අවශ්‍ය එන්නත්කරණ වැඩසටහන සැලසුම්කිරීම ට බයිඩන් ගේ කණ්ඩායමට මෙතෙක් අවස්ථාව ක් ලැබී නොමැත.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares