Lanka Focus News

ඩෙංගු රෝගීන්ගේ සැලකියයුතු අඩුවක්

ඩෙංගු රෝගීන්ගේ සැලකියයුතු අඩුවක්

වසර 10කට පසුව ඩෙංගු මරණවල අඩුවීමක් පසුගිය වසරේදී වාර්තා වන බව ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ පසුගිය වසරේ ඩෙංගු රෝගීන් 30,691 දෙනෙකු වාර්තා වූ බවය.

එම වසර තුළ වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 35 ක් බව වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේය.

“2020 වසර සැලකීමේදී ඩෙංගු රෝගයේ පැහැදිළි අඩුවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම මරණ සංඛ්‍යාවත්. 2020 වසරේ ජනවාරි පෙබරවාරි මාස හැර අනෙකුත් මාස සැලකුවාම පසුගිය වර්ෂ 10කම හමුවූ රෝගීන් සංඛ්‍යාවට වඩා අඩු රෝගීන් සංඛ්‍යාවක් තමයි මේ වර්ෂයේ හමුවන්නේ.”

administrator

    Related Articles

    Close
    shares