Lanka Focus News

ටෝකියෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ

ටෝකියෝ නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කෙරේ

ජපානයේ අගනුවර වන ටෝකියෝ නගරයට සහ ඊට ආසන්න කලාප 3ක් සඳහා “හදිසි තත්ත්වයක්” ප්‍රකාශයට පත්කිරීමට එරට බලධාරීන් ක්‍රියාකර තිබේ.

ඒ, කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යෑමත් සමගය.

එම තීරණය ජපාන අගමැති යෝශිහිඩේ සුගා විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව අද (08) සිට පෙබරවාරි 02 වැනිදා දක්වා ටෝකියෝ සහ චිබා, සයිටාමා සහ කනගාවා යන කලාප සඳහා “හදිසි තත්ත්වය” බල පැවැත්වේ.

ජපානයෙන් මෙතෙක් වාර්තා වී ඇති වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන පසුගිය (06) වාර්තා විණි.

පෙරේදා එරටින් ආසාදිතයින් 5,953ක් සහ මරණ 72ක් වාර්තා වී තිබේ. ඒ කොවිඩ් වසංගතය ආරම්භවීමෙන් පසු එරටින් වාර්තා වූ ඉහළ ම දෛනික ආසාදිතයින් ගණන ලෙස සඳහන් වේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares