Lanka Focus News

“ටින්කර් ලසන්ත” වෙඩි පහරින් මරුට

“ටින්කර් ලසන්ත” වෙඩි පහරින් මරුට

“සන්ෂයින් සුද්දා” ඝාතනය සහ තවත් ඝාතන රැසක ප්‍රධාන සැකකරුවෙකු වන හේවාලුනුවිලගේ ලසන්ත හෙවත් “ටින්කර් ලසන්ත” කළුතර, දියගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී පොලිසිය සමඟ ඇති වූ වෙඩි හුවමරුවෙකදී මිය ගොස් ඇති බව වාර්තා වනවා.

අපරාධ රැසකට සම්බන්ධ සන්සයින් සුදා නමැත්තා දික්වැල්ලේ දී ඝාතනයේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ලසන්ත නමැත්තා මාතර ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර ඔහු මිනීමැරුම් ඇතුළු අපරාධ 13 සම්බන්ධ වූවකු බව පොලිසිය පවසනවා.

සැකකරු සන්සයින් සුද්දාට වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය කළුතර උතුර දියගම ප්‍රදේශයේ සඟවා තබා ඇති බවට ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එය සොයා පොලිස් නිලධාරීන් සමඟ ගිය අවස්ථාවේදී පොලිස් නිලධාරීන්ට අත්බෝම්බයක් දමා ගැනීමට කළ උත්සාහයේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවටයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වන්නේ.

එමෙන්ම සිද්ධියෙන් තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද රෝහල් ගතකර තිබෙනවා.

administrator

    Related Articles

    Close
    shares