Lanka Focus News

ට්‍රම්ප් සුවය ලැබීමටත් පෙර රෝහලෙන් පිටව යයි

ට්‍රම්ප් සුවය ලැබීමටත් පෙර රෝහලෙන් පිටව යයි

කොවිඩ් රෝගයට ගොඳුරු වූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝහලෙන් පිටවී නැවතත් ධවල මන්දිරය වෙත පැමිණ තිබේ.

ඒ පූර්ණ සුවය ලැබීමෙන් තොරවය.

තමන් අසනීප තත්ත්වයෙන් පසුවුවත්, එය නොතැකූ ජනාධිපතිවරයා ධවල මන්දිරය ඉදිරියේදී වහාම සිය මුඛ ආවරණ ඉවත්කර මාධ්‍ය හමුවේ පෙනීසිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජනාධිපතිවරයා ගත් එම ක්‍රියාමාර්ගය ඉතාමත් වැරදි පූර්වාදර්ශයක් ලෙසින් පෙන්වාදුන් විදෙස් මාධ්‍ය පැවසුවේ ඉන් පැමිණි මාධ්‍යවේදීන්ගේ මෙන්ම ධවල මන්දිර කාර්ය මණ්ඩලයේද ජීවිත අවදානමක හෙළා ඇති බවය.

මෙහිදී මාධ්‍ය ඇමතූ ට්‍රම්ප් තමන් සුවෙන් පසුවන බව අවධාරණය කරමින් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේ කොවිඩ් රෝගයට බිය නොවන ලෙසය.

එමෙන්ම ඒ සමගින් ජීවිත ඉදිරියට ගමන්කළ යුතු බවත් ඔහු පෙන්වාදුනි.

adstudio.cloud

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares