Lanka Focus News

ජෝසෆ් ස්ටාලින්ගේ මෝසමට අධිකරණයෙන් දුන් නියෝගය

ජෝසෆ් ස්ටාලින්ගේ මෝසමට අධිකරණයෙන් දුන් නියෝගය

ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතාට ඇප නියම කිරීම පිළිබඳ නියෝගය ලබන 8 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (05) නියෝග කළේය.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් ඉකුත් 03 වනදා අත්අඩංගුවට ගැනුණු ජෝසෆ් ස්ටාලින් මහතාව පසුගිය (04) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ලබන 12වනදා තෙක් එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරසිටින ජෝසෆ් ස්ටාලින් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයා ඇපමත මුදාහරින්නයි ඉල්ලා තිබේ.

එම ඉල්ලීම සලකාබැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05) මෙම නියෝගය ප්‍රකාශයට පත් කළේය.

ඉකුත් 28 වනදා අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක නිරතවීම ඇතුළු චෝදනා මත කොටුව පොලීසිය විසින් ජෝසෆ් ස්ටාලින් මහතාව අත්අඩංගුවට ගත්තේය.

administrator

Related Articles