අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවකට අදාළව අධිචෝදනා භාරදීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබේ.
එමගින් අදාළ විත්තිකරුවන්ට දැනුම්දී ඇත්තේ ජූලි මස 04 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටය.
සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම් වල යෙදවීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකර තිබේ.