Lanka Focus News

ජර්මනියේ අමුතුම ප්‍රහාරයක්

ජර්මනියේ අමුතුම ප්‍රහාරයක්

ජර්මනියේ බර්ලින් නගරයේ වෙළෙඳ සංකීර්ණයක් ආසන්නයේ සිටි සෙනග පිරිසක් වෙත මෝටර් රථයක් ධාවනය කළ පුද්ගලයෙක්ව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

30 දෙනෙක් තුවාල ලබා ඇති අතර එක් පුද්ගලයෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

බටහිර බර්ලින් නගරයේ Charlottenburg ප්‍රදේශයේ Rankestrasse හි පිහිටි වෙළෙඳ සංකීර්ණයක් අසලදී එම සිද්ධිය වාර්තා වෙයි.

මීට වසර 6කට පමණ ඊට ආසන්නයේ මෙවැනිම සිදුවීමක් වාර්තා විය.

එහිදී සරණාගත තත්ත්වය ලබාගැනීමට අසමත් වූ ඒනිස් අම්රි නම් ටියුනීසියානු ජාතිකයෙක් නත්තල් වෙළෙඳපොළක් තුළට ට්‍රක් රථයක් ධාවනය කර පුද්ගලයින් 11 දෙනෙක් ඝාතනය කළේය.

administrator

Related Articles