Lanka Focus News

‘ජනමත විචාරණයක් කැඳවන්න’

‘ජනමත විචාරණයක් කැඳවන්න’

තවදුරටත් රට බංකොලොත් නොකර වහාම ඉල්ලා අස්වී ජනමත විචාරණයක් කැඳවන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

පුටු මාරුකරමින් තවදුරටත් රටට සිදු කරන විහිළු සැපයීම නතර කර තම නොහැකියාව පිළිගෙන රට කළ හැකි කණ්ඩායමකට රට බාර දීමේ වගකීම ජනතාවට පවරන ලෙසත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන යටතේ රුපියල් තිස් පන් ලක්ෂයක් වටිනා රෝහල් උපකරණ තිස්සමහාරාම මූලික රෝහලට පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය හේතුවෙන් ණය සහ පොලිය ගෙවීමට නොහැකිව මේ වන විට රට බංකොලොත් වී ඇති බවත් මේ බංකොලොත් බවින් රට ගොඩනගන්නට වර්තමාන ආණ්ඩුවට කිසිදු හැකියාවක් නැති බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු ගැනීමට විශේෂඥ දැනුම සහිත ප්‍රශස්ත කණ්ඩායමක් සමගි ජන බලවේගයට සිටින බවත් රටට ශක්තිමත් මූල්‍ය පාලනයක් ලබාදෙමින් වැටී ඇති අර්බුදයෙන් ගොඩ ගැනීමට සමගි ජන බලවේගය කටයුතු කරන බවත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

administrator

    Related Articles

    Close
    shares