Lanka Focus News

ජනපති සහ සජිත් හමුව අද

ජනපති සහ සජිත් හමුව අද

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ සමගි ජන සන්ධානය අතර සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ.

වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ අද පස්වරු 3.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවටය.

ඒ අනුව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සදහන් කළේ සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සහ ඊට අදාළ යෝජනා පිළිබඳව එකඟත්වයකට පැමිණීම මෙම සාකච්ඡාවේ අරමුණ බවය.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාර්ලිමේන්තු නියෝජනය කරන තවත් දේශපාලන පක්ෂ නියෝජිතයින් කිහිපදෙනෙකු අතර ඊයේ දිනයේ ද සාකච්ඡා වාර කිහිපයක් පැවැත්වුණි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡාවක නිරතවූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ බාධා කිරිමකින් තොරව සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා සියලු දේශපාලන පක්ෂ සිය සහාය ලබාදිය යුතු බවය.

administrator

Related Articles