Lanka Focus News

ජනපති සහ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක්

ජනපති සහ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම අතර හමුවක්




ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම අතර සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අද පස්වරු 5.00ට එම සාකච්ඡාව පැවැත්වෙනු ඇති බව වාර්තා වෙයි.

ඉන්ධන අර්බුදයත් සමග මතුව ඇති ගැටලුකාරී වාතාවරණය සහ ආණ්ඩුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එම හමුව කැඳවා තිබේ.

එමෙන්ම යෝජිත 21ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවාරය පිළිබඳව ද අද දිනයේ එම සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගෙන් විමසීමට ආණ්ඩුවේ පිරිසක් සූදානම් වන බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීම එම සාකච්ඡාවෙන් අනතුරුව පැවැත්වීමට සැලසුම් කර තිබේ.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡාවට ලක් වනු ඇත.

මේ අතර හෙට දිනයේ සිට දින 04ක කාලයක් පාර්ලිමේන්තුව පැවැත්වීමට නියමිතය.

ඒ අනුව හෙට දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ගැසට් මගින් නම ප්‍රකාශයට පත්කරන ලද ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට නියමිත බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.




administrator

Related Articles