Lanka Focus News

ජනපති සමග සාකච්ඡා කිරීමට සජබ ය සැරසෙයි

ජනපති සමග සාකච්ඡා කිරීමට සජබ ය සැරසෙයි

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ආරාධනයට අනුව ලබන සිකුරාදා ඊට සහභාගීවීමට සමගි ජන බලවේගය තීරණය කර තිබේ.

සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුව ඊයේ (02) රැස්වීමෙන් අනතුරුව එම තීරණය ගෙන ඇත.

සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් සම්බන්ධව සාකච්ඡා කිරීමට ආරාධනා කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට ලිපියක් යොමු කර තිබුණි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා,

“ඒ ලිපියේ තියෙන්නේ සර්ව පාක්ෂික වැඩපිළිවෙලක් ගැන. ඉතින් සර්ව පාක්ෂික වැඩපිළිවෙල මොකක් ද කියලා අපි සාකච්ඡා කරනවා. මන්ත්‍රීවරු සියල්ල පක්ෂයේ තීරණයට එකඟයි.”

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා,

“අපේ වැඩපිළිවෙලත් සමග ජනාධිපතිවරයාගේ සාකච්ඡාවට අපි සම්බන්ධ වෙනවා කියලා තීරණය කළා.”

administrator

Related Articles