Lanka Focus News

ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්

ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්




නව කැබිනට් මණ්ඩලය අමතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කළ සම්පූර්ණ කතාව අද (18) රාත්‍රී 7.30ට සියලු රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ විකාශය කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

නව කැබිනට් අමාත්‍යවරුන් 17 දෙනෙකු අද (18) පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් සහ මුදල් අමාත්‍ය අලි සබ්‍රී යන අය දැරූ අමාත්‍ය ධුරවල සංශෝධනයක් සිදුනොවිණ.

කෙසේවෙතත් මොවුන් සමග දිවුරුම් දුන් මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කර ඇත.




administrator

Related Articles