Lanka Focus News

ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවට ඇමැති මණ්ඩලයට වැය කරන්න සල්ලි තියෙනවා

ජනතාවට සහන දෙන්න බැරි ආණ්ඩුවට ඇමැති මණ්ඩලයට වැය කරන්න සල්ලි තියෙනවා




මිනිසුන්ට සහන දෙන්න, ධීවරයන්ට, ගොවියන්ට වන්දි ගෙවන්න, රැකියා අහිමි වූවන්ට ජීවනෝපායක් ලබා දෙන්න, රාජ්‍ය සේවකයන්ට හයියක් වෙන්න මුදල් නොමැති වුවත් රාජ්‍ය ඇමතිවරු 37ක් සහ කැබිනට් මණ්ඩලයක් නඩත්තු කිරීමට ආණ්ඩුවට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊ (13)ප්‍රකාශ ක ෙළ්ය.

තවත් කැබිනට් ඇමතිවරු 12ක් පත් කිරීමේ සූදානමක් පවතින බවත් ඇමතිවරු 69 ක් පත්කර වරදාන වරප්‍රසාද ලබා දීමට මුදල් පවතින ආණ්ඩුවට වතුකරයේ සිට ධීවරයන් දක්වා සමස්ත ජනතාවට භූමිතෙල් සහනාධාරය ලබා දීමට මුදල් නොමැති බව ද පැවසීය.

මාස ගණනාවකින් රට පුරා මාර්ගගත අධ්‍යාපනය හරියට සිදු නොවූ බැවින් ළමයින්ගේ විභාග කටයුතු පවා ඇණහිටි ඇති බවත් සමගි ජනබලවේගයේ හලාවත ආසන බලමණ්ඩල රැස්වීම අමතමින් ඔහු මේ බව පැවසීය.
2022 උසස් පෙළ විභාගය පවත්වන්නේ විෂය නිර්දේශය ආවරණය නොකරමින් බවත් එවැනි ගැටලු රාශියක් පැවතියත් ඇමතිවරු පත් කිරීමට සහ වරදාන ලබා දීමට මුදල් ඇති බවත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.

මේ සියලු කටයුතු සිදු කරන්නේ රාජපක්ෂලාට අවශ්‍ය ලෙස බවත් ඔවුන්ට හිතවත් අයට පමණක් ඇමතිකම් ලබා දෙමින් පොහොට්ටුවේ 134ක් එකතු වී පත් කළ ජනාධිපතිවරයාව තමන්ට අවැසි ලෙස පාලනය කරන බවත් විපක්ෂනායකවරයා පැවසීය.

තමන් ඇතුළු විපක්ෂය කිසිදු අවස්ථාවක මෙවැනි හොරුන් සමඟ එකතු නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී තවදුරටත් කීවේය.




administrator

Related Articles