Lanka Focus News

චීන රොකට්ටුවේ සුන්බුන් පෘථිවියට කඩා වැටෙයි

චීන රොකට්ටුවේ සුන්බුන් පෘථිවියට කඩා වැටෙයි

පාලනයකින් තොරව පෘථිවී කක්ෂයට ඇතුළු වූ චීන රොකට්ටුවේ සුන්බුන් ඊයේ (31) පෘථිවීයට කඩා වැටුනි.

පැසිෆික් සාගරයේ පිහිටි සූලු මුහුදු කලාපය වෙතය කඩා වැටුණු ඉන් කිසිදු හානියක් සිදු වී නොමැති බව වාර්තා වේ.

ලෝන්ග් මාර්ච් 5 රොකට්ටුවේ සුන්බුන් ජනාකීර්ණ කලාපයක් වෙත ඇද වැටීමට ඇත්තේ සීමිත අවස්ථාවක් පමණක් බව චීන අභ්‍යවකාශ ඒජන්සිය හා නාසා ආයතනය මිට පෙර පැවසීය.

කෙසේ නමුත් අභ්‍යාවකාශ සුන්බුන් සම්බන්ධව චීනයේ වගකීම් විරහිත ස්වභාවය සම්බන්යෙන් බොහෝ දෙනා ප්‍රශ්නකිරීම් සිදුකර තිබේ.

ඒ මීට පෙරත් දෙවරක්, අත්හැර දැමු චීන රොකට් සුන්බුන් පෘථිවියට කඩා වැටී තිබීම හේතුවෙනි.

ඉන් ඒක සුන්බුන් තොගයක් කඩා වැටුනේ අයිවරි කෝස්ට් හි ජනාකීර්ණ කලාපයක් වෙතය.

administrator

Related Articles