Lanka Focus News

චීන ජංගම දුරකථන විසිකරන්න – ලිතුවේනියාව ජනතාවගෙන් ඉල්ලයි

චීන ජංගම දුරකථන විසිකරන්න – ලිතුවේනියාව ජනතාවගෙන් ඉල්ලයි

චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන විසිකරන ලෙස ලිතුවේනියා ආරක්ෂක අමාත්‍යංශය එරට ජනතාවගෙන් ඉල්ලා සිටින බව වාර්තා විය.

එසේම චීනයේ නිෂ්පාදිත ජංගම දුරකථන මිලදී ගැනීමෙන් වළකින ලෙසද එරට බලධාරීන් ජනතාවට අනතුරු අඟවා ඇති බව බව විදෙස් මාධ්‍ය පැවසීය.

එරට ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය චීනයේ නිෂ්පාදිත 5G ජංගම දුරකථන ගැන සිදුකළ පරීක්ෂණයකින් අනතුරුව එම අනතුරු ඇඟවීම කර තිබේ.

එම මධ්‍යස්ථානය පැවසුවේ ෂියාඕමි ජංගම දුරකථනයක සමහර වචන ලිවීම පාලනය සඳහා මෙවලම් අනතර්ගතව තිබු බවත් හුවායි වර්ගයේ ජංගම දුරකථනයක ආරක්ෂක ක්‍රමවේදයේ වැරදි තිබූ බවත් ය.

උදාහරණයක් ලෙස ෂියාඕමි සමාගම නිපදවන Mi 10T 5G ජංගම දුරකථනයට අඩංගුව තිබූ මෙවලම් මගින් “Free Tibet”, “Long live Taiwan independence” හෝ “democracy movement”, වැනි වචන හඳුනාගෙන ඒවා වාරණය කළ හැකි බව හඳුනාගැණුනි.

ෂියාඕමි ජංගම දුරකථනයට ඒ ආකාරයට කියැවුම් 449ක් වාරණය කිරීමට හැකියාව සතු බව ලිතුවේනියා බලධාරීන් පැවසීය.

administrator

    Related Articles

    Close
    shares