Lanka Focus News

චීන ඖෂධ තොගයේ පළමු කොටස අද දිවයිනට

චීන ඖෂධ තොගයේ පළමු කොටස අද දිවයිනට

චීනය විසින් පිරිනමන යුවාන් මිලියන 500ක් වටිනා ඖෂධ තොගයේ පළමු කොටස අද මෙරටට ලැබීමට නියමිතව ඇත.

මෙරට චීන තානාපති කාර්යාලය පැවසුවේ එහි පළමු අදියර යටතේ මිලියන 10ක් වටිනා ජීවිතාරක්ෂක එන්නත් සිරින්ජර් 512,640ක් මෙරටට ලබාදීමට නියමිත බවය.

ඉන් එන්නත් සිරින්ජර් 256,320ක් රැගත් ගුවන් යානය අද රාත්‍රී දිවයිනට පැමිණීමට නියමිත අතර ඉතිරි එන්නත් තොගය මේ මස මැදදී මෙරටට රැගෙන ඒමට නියමිත බව චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

චීන තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම ඖෂධ ප්‍රදානය ශ්‍රී ලංකාව සඳහා මාස 06ක කාලයකට ප්‍රමාණවත් වනු ඇති බවය.

administrator

Related Articles