Lanka Focus News

චීන ඒජන්තවරියක් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ව මිලට ගනී ?

චීන ඒජන්තවරියක් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ව මිලට ගනී ?

චීන ඒජන්තවරියක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කටයුතු සඳහා බලපෑම් කරන බවට එරට ආරක්ෂක ඔත්තු ඒජන්සිය වන M 15 චෝදනා කර තිබේ.

නමුත් චීනය එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි.

M 15 පවසා ඇත්තේ ක්‍රිස්ටීන් චින් කියූ ලී නම් කාන්තාව චීන කොමියුනිස්ට් පක්ෂය වෙනුවෙන් වර්තමාන මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවට යෑමට බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයින් සමග සබඳතා ගොඩනගා ඇති බවය.

අනතුරුව ඇය මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ට මුල්‍ය ආධාර ලබා දී ඇති අතර කම්කරු පක්ෂයේ බැරී ගර්ඩිනර් නම් මන්ත්‍රීට පවුම් 420,000ක් දී තිබුණි.

මෙම හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින් ලන්ඩන් හි පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ M 15, එංගලන්තයේ වෙසෙන චීන ජාතිකයින්ට හිරිහැර කරන බවය.

“විදෙස් පාර්ලිමේන්තුවක නියෝජිතයින් මිලදී ගෙන බලපෑම් කිරීමට අපිට අවශ්‍යතාවයක් නැහැ. අපි එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.”

administrator

Related Articles