Lanka Focus News

චීනය පොරොන්දුවක් ඉවත්කරගනී

චීනය පොරොන්දුවක් ඉවත්කරගනී




තායිවානයේ පාලනය තමන් ගතහොත් හමුදාව හෝ එරට පාලනය සඳහා නිලධාරීන් සිය රටෙන් නොයවන බවට චීනය ලබාදී තිබූ පොරොන්දුවක් ඉවත්කර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

නිල ලේඛනයක ඒ බව සඳහන් වූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.

ඒ අනුව ඉදිරියේදී චීන ජනාධිපති ෂී ජින්පින් තායිවානයට පෙර පැවසූ ලෙස ස්වයං පාලන බලතල ලබා නොදෙතැයි දේශපාලන විචාරකයෝ පවසති.

විරෝධය නොතකා එක්සත් ජනපද කතානායිකා නැන්සි පෙලෝසි තායිවානයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් චීනය දැඩිලෙස කිපී ඇති බව සඳහන් ය.

ඒ හේතුවෙන් මේ වනවිට චීන හමුදා ජීව උණ්ඩ භාවිතයෙන් තායිවානය ආසන්නයේ යුද අභ්‍යාස පවත්වති.

1993 දී 2000 දී චීනය නිකුත්කර තිබූ ධවල පත්‍රිකා වල සඳහන්ව තිබුණේ තායිවානය සහ චීනය එක්වීමෙන් අනතුරුව, “තායිවානයේ ස්ථානගත කිරීම සඳහා හමුදාව හෝ පාලකයින්” නොයවන බවය.




administrator

Related Articles