අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ අනතුරු ඇගවීම් මධ්‍යයේ චීනය තායිවානය වටා යුධ අභ්‍යාසයක් ප්‍රකාශයට පත් කර තිබේ.
චීනය විසින් බලහත්කාරයෙන් තායිවානය අත්පත් කරගැනීමට උත්සාහ කළහොත් අමෙරිකාව යුධමය වශයෙන් ඊට මැදිහත්වන බවට අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පසුගියදා ප්‍රකාශ කර තිබුණි.
කෙසේවෙතත් එම ප්‍රකාශය නොතකා චීනය විසින් තායිවානය වටා යුධ අභ්‍යාසයක් ප්‍රකාශයට පත් කර ඇති අතර අවශ්‍ය නම් තායිවානය අත්පත් කරගන්නා බවට ද චීන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර තිබේ.
චීනයේ ජාතික ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක ටැන් කිෆි පවසන්නේ තායිවානයේ ස්වාධීනත්වය සඳහා බාහිර බලවේගවල සහ බෙදුම්වාදී උත්සහයන් ව්‍යවර්ථ කිරීමට සියලු ක්‍රියාමාර්ග ගන්නා බවය.