Lanka Focus News

චීනය ගැන ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක්

චීනය ගැන ජනපතිගෙන් ට්විටර් පණිවුඩයක්

එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට සහ එක් චීනයක් යන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

චීන තානාපති Qi Zhenghong සමඟ පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කළ බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

එසේම එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ රටවල් අතර මේ වනවිට පවතින උණුසුම් තත්ත්වයන් වර්ධනය වීමට හේතුවන පියවර නොගෙන සිටීමට එකිනෙක රටවල් වගබලා ගතයුතු බවය.

මේ අතර රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට මෙන්ම අන්‍යෝන්‍ය ගෞරවයද රැකෙන පරිදි කටයුතු කිරීමටද කැපවිය යුතු බව ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

administrator

Related Articles