Lanka Focus News

චීනයෙන් තවත් නව වෛරසයක් – රෝගීන් 35ක් හමුවෙයි

චීනයෙන් තවත් නව වෛරසයක් – රෝගීන් 35ක් හමුවෙයි




සතුන්ගෙන් මිනිසාට ව්‍යාප්ත වන නව වෛරසයක් පිළිබඳව නැගෙනහිර චීනයෙන් වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

‘Langya henipavirus’ නම් වන එම නව වෛරසය මේ වනවිට පුද්ගලයින් 35 දෙනෙකුට වැළඳී ඇතැයි චීන ආරංචි මාර්ග පවසයි.

ආසාදිතයන් සියලුදෙනා නැගෙනහිර චීනයේ ෂැංඩොන් සහ හෙනාන් පළාත්වලින් වාර්තා වී තිබුණි.

එම වෛරසය ප්‍රධාන වශයෙන් මීයන් විශේෂයකින් සෘජුවම මිනිසුන්ට ආසාදනය වී ඇතැයි දැනට අනාවරණය වී තිබේ.

කෙසේ නමුත්, මිනිසුන් අතර සම්ප්‍රේෂණයවීමේ හැකියාවක් පවතී දැයි තවම සොයාගෙන නොමැත.

රෝහල් ආරංචි මාර්ග පවසන්නේ වෛරසය ආසාදනය වී ඇති පුද්ගලයින්ට උණ, කැස්ස සහ තෙහෙට්ටුව යන රෝග ලක්ෂණ පවතින බවය.

එම සොයාගැනීම චීනය, සිංගප්පූරුව සහ ඔස්ට්‍රේලියාවේ පර්යේෂකයන් පිරිසක් පසුගිය දා ඉදිරිපත් කළ පර්යේෂණ වාර්තාවකින් මුල්වරට අනාවරණය කර ගෙන තිබුණි.




administrator

Related Articles