Lanka Focus News

චන්ද්‍රිකා ප්‍රහාරක අවි අත්හදා බැලීමක් කළ බවට රුසියාවට චෝදනා

චන්ද්‍රිකා ප්‍රහාරක අවි අත්හදා බැලීමක් කළ බවට රුසියාවට චෝදනා

අභ්‍යවකාශයේ රඳවා ඇති චන්ද්‍රිකා ඉලක්ක කොට පහරදිය හැකි අවියක් විය හැකි මිසයිලයක් රුසියාව විසින් අත්හදා බලන ලද බවට ඇමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය චෝදනා කරනවා.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත්කරන ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ”රුසියාව විසින් මෑතදී අභ්‍යවකාශ චන්ද්‍රිකා නාශක මිසයිලයක් වියහැකි අවියක් අත්හදා බැලීම” කණගාටුවට කරුණක් බව සඳහන් කර තිබෙනවා.

ඉන්පෙර ප්‍රකාශයක් කළ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය කියා තිබුණේ, තම අභ්‍යවකාශ උපකරණ පරීක්ෂා කිරීමට යොදා ගනු ලබන නව තාක්ෂණය සියරට විසින් භාවිතයට ගනු ලැබූ බවයි.

රුසියාවේ නව චන්ද්‍රිකා තාක්ෂණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය මින් පෙරත් මැසිවිලි නගා තිබුනා. එහෙත් රුසියාවේ මෙවැනි අභ්‍යවකාශ අවි අත්හදා බැලීමක් සම්බන්ධයෙන් එක්සත් රාජධානිය චෝදනා කරන පළමු වතාව මෙයයි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares