Lanka Focus News

ගුරු-විදුහල්පති ගැටලුවට හෙට අගමැතිගෙන් විසඳුම්

ගුරු-විදුහල්පති ගැටලුවට හෙට අගමැතිගෙන් විසඳුම්

ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව විසඳන ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සෘජු ස්ථාවරය අග්‍රාමාත්‍යවරයා ගුරු සහ විදුහල්පති නියෝජිතයන්ට අද (12) දැනුම් දීමට නියමිතය.

ආණ්ඩුවේ ස්ථාවර විසඳුම ප්‍රකාශයට පත් කිරීම සඳහා ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින්ට අද (12) දහවල් 12ට කොළඹ අරලියගහ මන්දිරයට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය කාර්යාලය ඊයේ පස්වරුවේ දැනුම්දී තිබිණ.

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා නිර්දේශ කිරීමට පත්කළ අමාත්‍ය අනුකමිටුවේ යෝජනා අනුව වැටුප් වැඩිවීම අදියර දෙකකින් ලබාදීමට ආණ්ඩුව තීන්දු කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇමති අනුකමිටුවේ යෝජනා අදියර හතරකින් ක්‍රියාත්මක කිරීමට රජය මුලින් තීරණය කර තිබූ අතර ගුරු හා විදුහල්පති සංගමය සංගම් එය ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් ඇමති අනුකමිටුවේ වැටුප් යෝජනාව අදියර දෙකකින් ලබාදීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුවට ගුරු හා විදුහල්පති සංගම් එකඟතාවය පළ කරනු ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව දින 94ක් තිස්සේ පවතින ගුරු හා විදුහල්පති වැඩ වර්ජනය බොහෝවිට හෙට දිනෙන් අවසන් වනු ඇතැයි වාර්තා වේ.

මේ අතර ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටළුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන් නාහිමියන් අතර සාකච්ඡාවක් ඊ (11) පැවැත්විණ.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවති එම සාකච්ඡාවට අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ද එක්ව සිටියේය.

administrator

    Related Articles

    Close
    shares