Lanka Focus News

ගුරුවරු සහ බලධාරීන් අතර තවත් සාකච්ඡාවක්

ගුරුවරු සහ බලධාරීන් අතර තවත් සාකච්ඡාවක්

ගුරු – විදුහල්පති වෘත්තිය සමිති සහ අධ්‍යාපන බලධාරීන් අතර තවත් තීරණාත්මක සාකච්ඡාවක් එළඹෙන සඳුදා (26) දිනයේ පැවැත්වීමට නියමිතය.

අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන අතර අමාත්‍ය මණ්ඩලයේදී සාකච්ඡා කිරීමෙන් ලබාගන්නා තීන්දු තීරණ පිළිබඳව මෙහිදී ගුරු සංගම් නියෝජිතයින්ට දැනුම් දෙනු ඇති.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ, “අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ කඩිනම් විසඳුම්වලට යන්න කියලා,” යනුවෙනි.

administrator

    Related Articles

    Close
    shares