Lanka Focus News

ගම්බිම් බලායන ජනතාවට විශේෂ බස් සේවා – ආසන කලින් වෙන්කරවා ගැනීමේ හැකියාවක්

ගම්බිම් බලායන ජනතාවට විශේෂ බස් සේවා – ආසන කලින් වෙන්කරවා ගැනීමේ හැකියාවක්

අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලායන ජනතාව සඳහා ලබන 9 වැනිදා සිට 12 වනදා දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

පිටකොටුව බැස්ටියන් මාවත අන්තර් පළාත් බස් පර්යන්තයේ සිට හඳුනාගත් නගර 09ක් දක්වා මෙම විශේෂ බස් සේවාව ක්‍රියාත්මක බව එම කොමිසන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා පැවසීය.

බදුල්ල, මොණරාගල, අම්පාර, කතරගම, පස්සර, මඩොල්සිම, පානම, ත්‍රිකුණාමලය සහ ඇඹිලිපිටිය යන නගර වෙත මෙම බස්රථ සේවාව ක්‍රියාත්මකවන අතර එම බස්රථවල ආසන වෙන්කරවා ගැනීමේ හැකියාව මගී ජනතාවට ලබාදී ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය.

www.ntcbooking.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ Mybus-SL යන ජංගම දුරකථන යෙදවුම මගින් හෝ ජාතික ගමනාගමන කොමිසන් සභාවේ බැස්ටියන් මාවත කාර්යාලයට පැමිණ ආසන වෙන්කරවා ගැනීමේ හැකියාව පවතී.

administrator

    Related Articles

    Close
    shares