Lanka Focus News

ගතවූ දිනයේ කොරෝනා ආසාදිතයින් 114ක්

ගතවූ දිනයේ කොරෝනා ආසාදිතයින් 114ක්




ගතවූ දිනයේ නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 114 දෙනෙකු හඳුනාගෙන තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 669,581ක් බවය.

එමෙන්ම තවත් කොවිඩ් ආසාදිත මරණ 6ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු එම මරණ අතරට අයත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව පසුගිය දින 2ක් තුළ කොවිඩ් ආසාදිතව පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ.




administrator

Related Articles