Lanka Focus News

කොළඹ සංවර්ධනය කරන හැටි ජනපති කියයි

කොළඹ සංවර්ධනය කරන හැටි ජනපති කියයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපතිවරණ ප්‍රචාරක රැස්වීම් මාලාව සඳහා සහභාගී වන අතරතුර අද (28) පෙරවරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පිඨයට පැමිණියා.

එහිදී දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටළු හඳුනාගනිමින් විධිමත් සැලැස්මක් සහිතව කොළඹ සංවර්ධනය කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

නිවාස හිඟය, කසල බැහැර කිරීමේ දුෂ්කරතා සහ ගේ දොර ජලයෙන් යටවීම යනාදී දිස්ත්‍රික්කයේ ජනතාවට බලපා ඇති ප්‍රධාන ගැටළු සඳහා විසඳුම් දෙමින් වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ, අවස්ථාවට කෝට්ටේ හිටපු නගරාධිපති ජනක රණවක ද එක්ව සිටියා.

administrator

    Related Articles

    Close
    shares