Lanka Focus News

කොළඹ වරාය විකිණීම මෙහෙයුමක් – ජවිපෙ

කොළඹ වරාය විකිණීම මෙහෙයුමක් – ජවිපෙ

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාදීමට සිදුවී ඇත්තේ වෙනත් දේශපාලන තත්ත්වයක් මත බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

එසේ නොමැතිව එහි පාඩු ලබන තත්ත්වයක් හෝ මෙහෙයුම් සිදුකරගෙන යෑමට නොහැකි තත්ත්වයක් නොමැති බවද ඔහු පෙන්වා දෙයි.

මේ අතර කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පාලනයෙන් සියයට 49 ක් විදෙස් ආයෝජකයින් සඳහා ලබාදීමේ රජයේ තීරණය සම්බන්ධයෙන් ඊ​යේ (14) පාර්ශ්ව කිහිපයක්ම අදහස් පළකර තිබුණි.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, “මේ රටේ තියෙන අවසාන රාජ්‍ය දේපළ පද්ධතියත් පිටරැටියන්ට විකුණා දැමීමේ මෙහෙයුමක් ආණ්ඩුව පටන් අරන් තියෙන්නෙ,” යනුවෙනි.

administrator

    Related Articles

    Close
    shares