Lanka Focus News

කොළඹ නැගෙනහිර ජැටියට වෙන්න යන දේ ටිල්වින් කියයි

කොළඹ නැගෙනහිර ජැටියට වෙන්න යන දේ ටිල්වින් කියයි

ලංකාවේ පිහිටීම අනුව වරායවල් සඳහා වැඩි වටිනාකමක් හිමිවන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ඒ අනුව රට දියුණු කරන්නට වෙළෙඳාමට ලොකු ඉඩක් ලබාදිය යුතු බව සිය පක්ෂයේ ස්ථාවරය බව මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු පෙන්වා දෙයි.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති මතභේදාත්මක තත්ත්වය ගැන අදහස් දක්වමින් ටිල්වින් සිල්වා මහතා මේ බව පැවසීය.

“අපේ රට නාවික ගමනාගමන මාර්ගයක් හැටියට වැදගත් තැනක පිහිටලා තියෙන්නේ. අපේ රට දියුණු කරන්න මොළේ තියෙන ආණ්ඩුවක් නම් අපි හිතනවා වෙළඳාම ලොකු පංගුවක් වෙනවා කියලා. ඒ නිසා වරායවල් ගොඩක් වටිනවා. අපිට තිබිච්ච වරායවල් ටිකත් නැති කරගන්න තමයි ආණ්ඩුව ප්‍රතිපත්ති සකස් කරලා තියෙන්නේ. කොළඹ වරායෙත් මුළු කොළඹ වරායම දැන් ලංකාවට අයිති නෑ. වරාය අධිකාරියට අයිති විශාල නැව් එන්න පුළුවන් එකම පර්යන්තය තමයි නැගෙනහිර පර්යන්තය. ඒක දෙන්න හදනවා ඉන්දියාවට. හැබැයි ඒක වහන්න විවිධ ජාතියේ බොරු කර කර යනවා. කුඩා මුදලක් වෙනුවෙන් වටිනාම දෙයක් බිලිදීම මේ කරමින් යන්නේ. ඉන්දියාවත් විටින් විට මේක ගන්න උත්සහ කරනවා. කලින් ක්‍රියාවලිය තුළ තිබුණේ ලංකාවයි ඉන්දියාවයි එකතු වෙලා හවුල් සමාගමක් හදනවා නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න. ඒ හවුල් සමාගමට ජපානයෙන් ණයක් දෙනවා. දැන් හවුල් සමාගම් නෑ. කෙලින්ම දෙන්න තමයි හදන්නෙ.”

administrator

    Related Articles

    Close
    shares