ශී‍්‍ර ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමය 22 වන වරටත් සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය එළඹෙන 18 වන සිකුරාදා ආරම්භ වනවා.
ඒ සඳහා තවත් ඉතිරිව ඇත්තේ දින 04 ක් පමණයි. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම පොත් ප්‍රදර්ශනයේ මෙවර විශේෂත්වයක් වන්නේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය සංවිධාන කිරීමයි.
ඒ සඳහා මේ වනවිට පවතින සූදානම සම්බන්ධයෙන් නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ ලේකම්, කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන කමිටුවේ සභාපති සමන්ත ඉන්දීවර කියා සිටියේ සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද මෙහිදී භාවිතා කරන බව පාඨක ජනතාවට දැනුම් දෙන බවයි. දෙදෙනෙක් අතර පැවතිය යුතු පරතරය ද මෙහිදී පවත්වා ගත යුතු බවයි ප්‍රකාශ කෙරුණේ.
එළඹෙන 18 වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට මෙවරත් නිල රේඩියෝ මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නේ නෙත් රේඩියෝවයි.