Lanka Focus News

කොවිඩ් හමුවේ පළාත් සභා ඡන්දය නෑ – ඇමති ඩලස්

කොවිඩ් හමුවේ පළාත් සභා ඡන්දය නෑ – ඇමති ඩලස්

රට තුළ පවතින වසංගත තත්ත්වය හමුවේ පළාත් සභා මැතිවරණය නොපවත්වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ඔහු පවසන්නේ නව මැතිවරණ ක්‍රමයක් ඔස්සේ ඉදිරියේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කරන බවය.

කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති රැස්වීමකදී අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියේ ය.

“මේ කොවිඩ් තත්ත්වය තුළදි මැතිවරණයක් තියන්න බෑ. මැතිවරණයක් තියන්න පරිසරයක් නෑ. ලංකාවේ තියෙන්නේ මැතිවරණ ක්‍රම 3ක්. පාර්ලිමේන්තු ඡන්දෙ තියෙන විදිහට නෙමෙයි පළාත් සභා ඡන්දෙ තියෙන්නේ. පළාත් සභා ඡන්දෙ තියෙන විදිහට නෙමෙයි පළාත් පාලන ආයතන ඡන්දෙ තියෙන්නේ. මේක හොඳ විකෘතියක්.”

administrator

    Related Articles

    Close
    shares