Lanka Focus News

කොවිඩ් රෝගී ගැබිණි මව්වරු මහමඟ මියයන රටක්

කොවිඩ් රෝගී ගැබිණි මව්වරු මහමඟ මියයන රටක්

ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට තුන්කෝටි හත් ලක්ෂය ඉක්මවා ගොස් ඇති අතර සමස්ථ මරණ ගණන නව ලක්ෂ පනස් හය දහසකට අධිකය.

කොවිඩ් වසංගතයේ ලෝකයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති ඉන්දියාවේ ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 53 ඉක්මවා ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව 85,625 දක්වා වැඩි වී තිබේ.

ඉන්දියාවේ ආසාදිත රෝගීන්ට දැඩිසත්කාර ඇඳ පහසුකම් සහ ඔක්සිජන් සැපයුම අතින් ද හිඟයක් පවතී.

ගිලන් රථයක් පැමිණෙන තුරු බලා සිට මහමඟ ම මියැදුණු මිනිසුන් පිළිබඳවත් රෝහල්වලට භාර නොගැනීම නිසා කොවිඩ් වැළඳුනු ගැබිණි මව්වරුන් මියයාමේ සිදුවීම් රැසක් ද ඉන්දියාවෙන් වාර්තා වේ.

ඉන්දියාව තුළ මරණය අතිශය සුලභ සිදුවීමක් බවට පත්ව ඇති අතර ආදාහනාගාර තුළ මිනී කඳු වශයෙන් ගොඩ ගැසෙමින් පවතී.

මළසිරුරු සමූහ මිනී වළවල් වලට විසිකර දමන අයුරුද ඉන්දියාව තුළ දක්නට ලැබේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares