Lanka Focus News

කොවිඩ් මරණ 5ක් – මියගොස් ඇති දෙදෙනෙක් බත්තරමුල්ලේ පදිංචිකරුවන්

කොවිඩ් මරණ 5ක් – මියගොස් ඇති දෙදෙනෙක් බත්තරමුල්ලේ පදිංචිකරුවන්

කොවිඩ්-19 ආසාදිත රෝගීන් තවත් 5දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (05) තහවුරු කළේය.

ඒ අනුව, මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 586කි.

මෙලෙස මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 80 හැවිරිදි කාන්තාවක්, කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, යාපනය ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 71 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

මේ අතර ඊයේ දිනයේ කොවිඩ් රෝගීන් 137ක් වාර්තා වූ බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.

administrator

    Related Articles

    Close
    shares