Lanka Focus News

කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අනුමැතිය

කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අනුමැතිය

පළමු සහ දෙවැනි මාත්‍රා සඳහා විවිධ කොවිඩ් එන්නත් මිශ්‍ර කර භාවිතයට කැනඩාවේ අනුමැතිය හිමිව තිබේ.

ගුණාත්මක පර්යේෂණ මත පදනම්ව කැනඩා රජය එම අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව කොවිඩ් මර්දන එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව ලෙස වෙනත් එන්නතක් භාවිත කිරීමට අවස්ථාව උදා කරමින් කැනඩාව සිය මාර්ගෝපදේශ වෙනස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා, ෆයිසර් හෝ මොඩර්නා එන්නත්කරණය පළමු හා දෙවැනි මාත්‍රාව වශයෙන් මිශ්‍ර කිරීමට අනුමැතිය ලබා දී තිබුණි.

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කැනඩාවේ යම්කිසි පුද්ගලයකුට කොවිඩ් මර්දන එන්නත්කරණය සඳහා ඇස්ට්‍රාසෙනෙකා භාවිත කළ ද, දෙවැනි මාත්‍රාව ලෙස මොඩර්නා හෝ ෆයිසර් එන්නත්කරණය කිරීමට හැකියාව පවතී.

කැනඩා රජය මේ තීරණය ගෙන ඇත්තේ ස්පාඤ්ඤයේ සහ එක්සත් රාජධානියේ සිදු කළ පර්යේෂණ කිහිපයක් පදනම් කර ගනිමිනි.

මෙය නව සංකල්පයක් නොවන බවත්, මීට පෙර විවිධ අවස්ථාවල මාත්‍රා වශයෙන් එන්නත්කරණය සිදුවන අවස්ථාවලදී එකිනෙකට වෙනස් මාත්‍රා එන්නත්කරණය සිදුකර ඇතැයි කැනඩාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය නිලධාරිනිය ප්‍රකාශ කර ඇත.

administrator

    Related Articles

    Close
    shares