Lanka Focus News

කොවිඩ් ආසාදිත මරණ 101ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත මරණ 101ක් වාර්තා වෙයි

ඊයේ දිනය තුලදී මෙරට තහවුරු කරන ලද කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 101ක් බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටිනවා. ඒ අනුව සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2011ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ දින 10 තුලදී වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 527ක් වනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද දත්ත අනුව මෙරට පළමු කොවිඩ් මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවූ අතර දෙවන මරණ 500 වාර්තා වීම සඳහා දින 72ක කාලයක් ගතව තිබුණා. නමුත් අවසන් කොවිඩ් ආසාදිත මරණ 1000 වාර්තා වීම සඳහා ගතව ඇත්තේ දින 23ක් පමණයි.

administrator

    Related Articles

    Close
    shares