Lanka Focus News

කොරෝනා රෝගීන් 11කට සුවයි

කොරෝනා රෝගීන් 11කට සුවයි

කොරෝනා ආසාදිතයින් 11 දෙනෙක් අද (15) පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අංශ පවසති.

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි රෝගීන් 3 දෙනෙකු, වැලිකන්ද මූලික රෝහලේ සිටි රෝගීන් 6 දෙනෙකු සහ ඉරණවිල රෝහලෙන් 2 දෙනෙකු මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් ගණන 3263ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 234කි.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares