Lanka Focus News

කොරෝනා අසාදනය වී සුවය ලැබූ විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබයි

කොරෝනා අසාදනය වී සුවය ලැබූ විපක්ෂ නායකවරයා සහ ඔහුගේ බිරිඳ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මැතිණිය කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ ආගමික වතාවත් වලට සහභාගි වෙමින් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.

කොරෝනා අසාධිතව ප්‍රතිකාර ගැනීම සදහා රෝහල් ගතව සිටි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ එම මැතිණිය පුර්ණ සුවය ලබා අද දින (ජූනි 11) රෝහලින් පිටව ගියා.

පසුගිය දින කීපය තුළ රෝහල් ගතව සිටි විපක්ෂ නායක තුමා සහ මහත්මිය සුවපත් වීමෙන් පසුව මෙලෙස තෙරුවනේ ආශිර්වාදය ලබා ගැනීම සදහා ගංගාරාම විහාරස්ථානය වෙත පැමිණ සිටියා.

මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ, පූජ්‍යපාද තීනියාවල පාලිත නාහිමිපාණන් වහන්සේ, පූජ්‍ය උග්ගොඩ ධම්මින්ද නාහිමිපාණන් වහන්සේ, ගංගාරාම විහාරස්ථානයේ පූජ්‍ය අස්සජි හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විපක්ෂ නායක තුමා ප්‍රමුඛ සියලු රට වැසියන්ට ආශිර්වාද පතා සෙත් පිරිත් සජ්ජායනාවක් පවත්වනු ලැබුවා.

administrator

    Related Articles

    Close
    shares