Lanka Focus News

කොරොනා අතර හැනා සුළි කුණාටුව ඇමරිකාවේ ටෙක්සාස් වනසයි

කොරොනා අතර හැනා සුළි කුණාටුව ඇමරිකාවේ ටෙක්සාස් වනසයි

හැනා නම් සුළි කුණාටුව හේතුවෙන් මේ දිනවල ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයට බරපතල හානි සිදුවී තිබේ.

කොරොනා වසංගතයෙන් දරුණු ලෙස හානියට පත්ව තිබෙන ටෙක්සාස් ප්‍රාන්ත වැසියෝ මෙම සුළි කුණාටුවත් සමඟ තවදුරටත් බරපතල ගැටලුවලට මුහුණ දී සිටින බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.‍

පැයට කිලෝමීටර් 145ක වේගයෙන් යුත් හැනා සුළි කුණාටුවත් සමඟ ඇති වු තද වැසි නිසා ගංවතුර තත්වයක්ද හටගෙන තිබේ.

මේ වන විට ටෙක්සාස් ප්‍රාන්තයේ දිස්ත්‍රික්ක 32කට ටෙක්සාස් ආන්ඩුකාර ග්‍රෙග් ඇබට් විසින් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

මෙම සුළි කුණාටුව හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ කොරොනා සහන සේවාවන්ද අඩපණ වී තිබේ. මේ වනවිට එම ප්‍රාන්තයේ තුන් ලක්ෂ අසුදහසකට වැඩි කොරොනා රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර ඉන් පන්දහසක් පමණ මීය ගොස් තිබේ.

administrator

    Related Articles

    Leave a Reply

    Your email address will not be published. Required fields are marked *

    Close
    shares